Sunday, September 20, 2009

කරකට්ටකරන්හි කෙසෙල් ගෙඩි විහිළුව

කරකට්ටකරන් නම් දෙමළ චිත්‍රපටයෙහි ගවුන්ඩමනි සෙන්දිල්ට රුපියලක් දී කෙසෙල් ගෙඩි දෙකක් ගෙන එන්නට කියයි. සෙන්දිල් මගදී එක් ගෙඩියක් කා ඉතිරි එක ගවුන්ඩමනිට ගෙනැවිත් දෙයි. අනෙක් ගෙඩිය කොහෙදැයි ගවුන්ඩමනි අසයි. ඔය තියෙන්නේ යි සෙන්දිල් කියයි. ගවුන්ඩමනී ඔහුට වඩාත් සරළව පැහැදිලි කර දී අනෙක් ගෙඩිය කොහිදැයි අසයි. සෙන්දිල් කියන්නේ ඔය තියෙන්නේ කියායි.


ගවුන්ඩමනි කෝපයට පත්ව සෙන්දිල්ට පහර දීමට ගිය විට ඔහු වළක්වන ඔහුගේ මිතුරෙක් සෙන්දිල්ට වඩාත් සරළව පැහැදිලි කර දෙයි. සෙන්දිල් තමන්ට තේරෙන බව කියයි. ඉන් පසු ඔහු නැවතත් අනෙක් කෙසෙල් ගෙඩිය කොහිදැයි අසයි. සෙන්දිල්ගේ පිළිතුර ඔය තියෙන්නේ කියායි. වඩාත් කුපිත වන ගවුන්ඩමනි ඔහුට පහර දීමට යන විට කාන්තාවක පැමිණ එය වළක්වා වඩා කරුණාවෙන් සෙන්දිල්ට කියා දී අනෙක් කෙසෙල් ගෙඩිය කොහිදැයි අසයි. ඔය තියෙන්නේ යන සුපුරුදු පිළිතුරමය.


අන්තිමේදී ගවුන්ඩමනි කෝපය මැඩගෙන මෙසේ පැහැදිලි කරයි.


ග: මම උඹට මොනවද ගේන්න කීවෙ?


සෙ: කෙසෙල් ගෙඩි දෙකක්


ග: මම උඹට කීයක් දුන්නද?


සෙ: රුපියලයි.


ග: රුපියලට කෙසෙල් ගෙඩි කීයක් ගන්න පුළුවන්ද?


සෙ: දෙකයි.


ග: උඹට කඩකාරයා කෙසෙල්ගෙඩි කීයක් දුන්නද?


සෙ: දෙකයි.


ග: දැන් මෙතන එකක් තියෙනවා. අනෙක් ගෙඩිය කෝ?


සෙ: (එම ගෙඩියටම ඇඟිල්ල දිගු කරමින්) ඔය තියෙන්නේ.